Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරගයේ දී දෙදෙනෙකුට එක්දින වරම්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට(25) ආරම්භ වනවා.

පළමු එක්දින තරගය ඔක්ලන්ඩ් හි ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, එම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 6.30 ට ආරම්භ වීමට නියමිතයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බැවින් ප්‍රබල ක්‍රීඩකයින් රැසක් මෙම තරගාවලියේ දී නවසීලන්ත සංචිතයට ඇතුළත් වී නැහැ.

ඒ අනුව පළමු තරගයේ දී නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකුට එක්දින ජාත්‍යන්තර වරම් හිමි වන බවයි නවසීලන්ත කණ්ඩායමේ නායක ටොම් ලේතම් සදහන් කළේ. අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු ඒ බව කියා සිටියා.

ඒ අනුව 30 හැවිරිදි දකුණත් පිතිකරු චැඩ් බවුස් (Chad Bowes) හා 23 හැවිරිදි පිතිකරණ තුන් ඉරියව් ක්‍රීඩක රචින් රවින්ද්‍ර පළමු තරගයේ දී එක්දින වරම් දිනා ගැනීමට නියමිතයි.

නිත්‍ය නායක කේන් විලියම්සන්, ටිම් සවුති, ඩෙවෝන් කොන්වේ, මිචෙල් සැන්ට්නර් හා මයිකල් බ්‍රේස්වෙල් යන ක්‍රීඩකයින් අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කරන බැවින් ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලිය සදහා ක්‍රීඩා කරන්නේ නැහැ.

ෆින් ඇලන් හා ග්ලේන් පිලිප්ස් යන ක්‍රීඩකයින් ද පළමු එක්දින තරගය සදහා පමණක් ක්‍රීඩා කර, අනතුරුව ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

අයි.පී.එල් තරගාවලිය හේතුවෙන් ලොකී ෆර්ගසන් ද පළමු එක්දින තරගය සදහා පමණක් නම් කර තිබූ නමුත්, ආබාධයකට ලක් වීම හේතුවෙන් ඔහුට එම තරගයෙන් ද ඉවත් වීමට සිදු වුණා.

NZ ODI squad:

Tom Latham (c), Finn Allen (1st ODI only), Tom Blundell, Chad Bowes, Mark Chapman (2nd & 3rd ODIs only), Matt Henry, Ben Lister, Daryl Mitchell, Henry Nicholls (2nd & 3rd ODIs only), Glenn Phillips (1st ODI only), Henry Shipley, Ish Sodhi, Blair Tickner, Will Young, Rachin Ravindra

Leave a comment