Ultimate magazine theme for WordPress.

ශහීන් ශාහ් අෆ්රිඩි ගැන අසුබ ආරංචියක්

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩිට දීර්ඝ කාලයක් ක්‍රිකට් පිටියෙන් යළි ඉවත් වීමට සිදු වනු ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, ඔහු මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ(13) පැවැති අවසන් මහා තරගයේ දී දකුණු දණහිසෙහි යළිත් ආබාධයකට ලක් වීම හේතුවෙන්.

පාකිස්තාන කණ්ඩායම සිය රට බලා පැමිණීමෙන් පසුව එම ආබාධය පිළිබද වැඩිදුරටත් තක්සේරු කිරීමක් සිදු කරනු ඇති.

කෙසේ වෙතත්, ශහීන් අෆ්රිඩිට එංගලන්තයට හා නවසීලන්තයට එරෙහිව දෙසැම්බර් හා ජනවාරි මාසවලදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලි සදහා ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ගාල්ලේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ජූලි මාසයේ පැවැති ටෙස්ට් තරගයකදී ශහීන් අෆ්රිඩිගේ දකුණු දණහිසෙහි ආබාධයක් සිදු වූ අතර, ඒ හේතුවෙන් ඔහුට මාස තුනහමාරක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදු වුණා.

නමුත්, 20යි 20 ලෝක කුසලානයේ ආරම්භය වන විට ඔහු එම ආබාධයෙන් සම්පූර්ණයෙන් සුවය ලබා සිටියා.

මෙවර තරගාවලියේ පළමු තරගවලදී සැලකිය යුතු දක්ෂතා දැක්වීමට ශහීන් අෆ්රිඩි සමත් නොවුව ද, ඔහු තරගාවලිය අවසන් කළේ පාකිස්තානය වෙනුවෙන් සම වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිද හෙලූ පන්දු යවන්නා බවට පත් වෙමින්. ඒ, කඩුලු 11 ක් දවා ගනිමින්.

Show Comments (2)