Ultimate magazine theme for WordPress.

ශඩාබ් ඛාන්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි

පාකිස්තාන දග පන්දු යවන ක්‍රීඩක ශඩාබ් ඛාන්ට නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු පාදයක ආබාධයකට ගොදුරු වීම හේතුවෙන්.

ඒ අනුව ඔහු වෙනුවට වමත් දග පන්දු යවන ක්‍රීඩක සෆාර් ගොහාර් පාකිස්තාන සංචිතයට ඇතුළත් කර ඇති බව සදහන්.

ෂඩාබ් ඛාන් හෙට(24) දිනයේ දී වෛද්‍ය පරීක්ෂණයකට (MRI scans) මුහුණ දීමට නියමිත බවත්, ඔහුට කොපමණ කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇත්ද යන්න එහිදී අණාවරණය වනු ඇති බවත් පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළා.

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන 26 වනදා මවුන්ට් මංගනුයි හී දී ආරම්භ වීමට නියමිතයි.

Leave a comment