Ultimate magazine theme for WordPress.

ශකිබ්ට තරග 4ක තහනමක්

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක සහ Mohamedan ක්‍රීඩා සමාජයේ නායක ශකිබ් අල් හසාන්ට තරග 4ක තහනමක් පනවා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, ඩකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ(11) Abahani Limited කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී ඔහු විනය විරෝධී ලෙස හැසිරීමේ සිද්ධීය හේතුවෙන්.

ඒ අනුව ඔහුට අදාළ තරගාවලියේ 8, 9, 10 සහ 11 යන තරග වට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති.

ශකිබ් විසින් මෙම තරගයේ දී වරදවල් කිහිපයක්ම සිදු කරනු ලැබුවා.

පළමුව ඔහු පන්දු යවමින් සිටින අතරතුර දී මුෂ්ෆිකර් රහීම් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමින් දවා ගැනීම සදහා ශකිබ් අල් හසාන් විනිසුරුගෙන් ඉල්ලීමක් සිදු කළ අවස්ථාවේ රහීම් නොදැවුණු පිතිකරුවෙකු ලෙස විනිසුරු නම් කිරීමත් සමග දැඩි කෝපයට පත් ඔහු පන්දු යවන්නාගේ අන්තයේ ඇති කඩුල්ලට දැඩි ආවේගයෙන් පා පහරක් එල්ල කර එය බිද දමනු ලැබුවා.

පසුව වර්ෂාව හේතුවෙන් විනිසුරුවන් විසින් තරගය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළ අවස්ථාවේ දී ද කෝපයට පත් වූ ශකිබ්, පන්දු යැවිමේ අන්තයේ ඇති කඩුල්ලේ ඉනි තුනම ගලවා විසි කළ අතර, අනතුරුව විනිසුරු සමග ද උණුසුම් වචන හුවමාරුවක නිරත වුණා.

එමෙන්ම ඔහු Abahani කණ්ඩායමේ පුහුණුකරු සමග උණුසුම් වචන හුවමාරුවක ද නිරත වූ අතර, අසභ්‍ය වචන භාවිතා කළ බවට ද ශකිබ් අල් හසාන්ට චෝදනා එල්ල වුණා.

කෙසේ වෙතත්, අදාළ තරගයෙන් අනතුරුව ශකිබ් අල් හසාන් විසින් සියලු පාර්ශවවලින් සමාව ඉල්ලා සිටියා.

Leave a comment