Ultimate magazine theme for WordPress.

වොට්ලින් අර්බුදයක – ඩෙවෝන් සංචිතයට

නවසීලන්ත කඩුලු රකින පිතිකරු බී.ජේ. වොට්ලින් පාදයක ආබාධයකට ගොදුරු වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහුට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි වීමේ අවධානමක් මතුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව නවසීලන්ත ටෙස්ට් සංචිතය සදහා අමතර ක්‍රීඩකයෙකු ලෙස ඩෙවෝන් කොන්වේ නම් කර ඇති බව සදහන්.

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන 3 වනා හැමිල්ටන් හී දී ආරම්භ වීමට නියමිතයි.

කණ්ඩායම් දෙක අතර නිමා වූ තරග 3කින් යුත් 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස නවසීලන්තය ජය ගත්තා.

Leave a comment