Ultimate magazine theme for WordPress.

වෙර්මා මංගල ශතකය අභියස දැවී යාමත් සමග එංගලන්තය යළි තරගයට අවතිර්ණ වෙයි

Day 2 Report

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර බ්‍රිස්ටල්හි පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(18). දෙවන දිනට(17) තරගය නතර කරන විට තරගයේ වැඩි ගෞරව එංගලන්ත කණ්ඩායම හිමි කර ගත්තේ ඉන්දීය ආරම්භක පිතිකාරිණියන්ගේ ලකුණු 167ක සුවිශේෂී සබදතාවය ද අභිබවා යමින්.

ඉන්දීය පළමු ඉනිම වෙනුවෙන් එවැනි විශිෂ්ඨ ආරම්භක කඩුල්ලේ සබදතාවයක් ගොඩ නැගීමට ස්ම්රිටි මන්ධනා සහ ෂෆාලි වෙර්මා සමත් වූ නමුත්, දිනය අවසන් වුණේ ඔවුන්ගේ පළමු ඉනිම කඩුලු 5කට ලකුණු 187ක් ලෙස සටහන්ව තිබියදීයි.

17 හැවිරිදි වෙර්මා සිය මංගල ජාත්‍යන්තර ශතකය අභියසදී දැවී ගියේ පන්දු 152කින් ලකුණු 96ක් ලබා සිටියදීයි. ඇයගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 13ක් ඇතුළත්. මන්ධනා ලකුණු 78කට දැවී ගියා.(4×14)

අනතුරුව Punam Raut ලකුණු දෙකකටත්, Shikha Pandey ලකුණු නොලබාත්, නායිකා මිතාලි රාජ් ලකුණු දෙකකටත් දැවී ගියා. හර්මන්ප්‍රීට් කොවුර් නොදැවී ලකුණු 4යි.

පන්දු යැවීමේ දී හෙදර් නයිට් කඩුලු 2ක් බිද හෙලුවේ පන්දුවාර 6කදී එක් ලකුණක් පමණක් ලබා දෙමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත ක්‍රීඩිකාවන් සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 9ක් දැවී ලකුණු 396ක් ලබා සිටියදීයි. හෙදර් නයිට් ලකුණු 95ක්, Sophia Dunkley නොදැවී ලකුණු 74ක් සහ Tammy Beaumont ලකුණු 66ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Sneh Rana කඩුලු 4ක් සහ දීප්ටි ෂර්මා කඩුලු 3ක් බිද හෙලුවා.

ඒ අනුව ඉන්දියාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 209ක්.

Leave a comment