Ultimate magazine theme for WordPress.

වෙර්මාගේ ප්‍රහාරය හමුවේ ඉන්දියාවට යම් බලාපොරොත්තුවක්

Day 3 Report

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර බ්‍රිස්ටල්හි පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන හා අවසන් දිනය අදයි(19).

තෙවන දිනට(18) තරගය නතර කරන විට අඛණ්ඩව සිය දෙවැනි ඉනිම ද ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව එක් කඩුල්ලක් දැවී ලකුණු 83ක් ලබා සිටියා.

තෙවැනි දිනය සදහා වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් තේ පානයෙන් පසුව තරගය ආරම්භ කිරීමට ද හැකි වූයේ නැහැ.

පළමු ඉනිමේ දී ලකුණු 96කට දැවී ගිය ෂෆාලි වෙර්මා ඉන්දීය දෙවැනි ඉනිම ද ශක්තිමත් කරමින් නොදැවී ලකුණු 55(68)ක් ලබා කඩුල්ලේ රැදී සිටින්නේ එංගලන්ත ක්‍රීඩිකාවන්ට යම් පීඩනයක් එල්ල කරමින්.

ඇයගේ ඉනිමට හතරේ පහර 11ක් ඇතුළත්. දීප්ති ෂර්මා නොදැවී ලකුණු 18යි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත ක්‍රීඩිකාවන් සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 9ක් දැවී ලකුණු 396ක් ලබා සිටියදීයි.

අනතුරුව සිය පළමු ඉනිම සදහා ඉන්දියාවට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 231ක් පමණයි.

ඒ අනුව ඉන්දියාව මේ වන විට ඉනිමක පරාජයෙන් ගැළවීමටනම් තවත් ලකුණු 82ක් ලබා ගත යුතුයි.

Leave a comment