Ultimate magazine theme for WordPress.

වෙන්දේසියේ දී කැපුණු බවුමා අවසන් මොහොතේ දී SA20 තරගාවලියට

එංගලන්තය සමග පැවැති තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත් දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායක ටෙම්බා බවුමා එම තරගාවලියේ දී පිත්තෙන් දැක් වූ දක්ෂතා හේතුවෙන් දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සදහා ක්‍රීඩා කිරීමට තෝරා ගෙන තිබෙනවා.

සන්රයිසස් ඊස්ටර්ස් කේප් (Sunrisers Eastern Cape) කණ්ඩායම විසින් ඔහුව මිලදී ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

එම කණ්ඩායම නියෝජනය කළ ටොම් ඇබෙල් වෙනුවට ටෙම්බා බවුමා සන්රයිසස් කණ්ඩායම සදහා මිලදී ගෙන තිබෙනවා.

ටොම් ඇබෙල් ශ්‍රී ලංකා සංචාරයක නිරත එංගලන්ත ලයන්ස් කණ්ඩායම නියෝජනය කරන බැවිනුයි ඔහුට SA20 තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබුණේ.

තරගාවලියට අදාළව පසුගිය වසරේ පැවැති ක්‍රීඩක වෙන්දේසියේ දී ටෙම්බා බවුමා මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.

එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියේ දී බවුමා තරග 3කදී ලකුණු 180 ක් රැස් කළ අතර, එම දක්ෂතාවය හේතුවෙනුයි ඔහුව SA20 තරගාවලිය සදහා තෝරා ගෙන ඇත්තේ.

Leave a comment