Ultimate magazine theme for WordPress.

වෙනස්කම් රැසක් සමග ලෝක කුසලානයට බංග්ලාදේශ සංචිතය නම් කෙරේ

ඔක්තෝබර් 16 වැනිදා ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය අද(14) නිවේදනය කෙරුණා.

ශකිබ් අල් හසාන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

අත්දැකීම් බහුල පිතිකරුවෙකු වන මහ්මුදුල්ලාහ් මෙම සංචිතයෙන් ඉවත් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

මුෂ්ෆිකර් රහීම් ද ආසියානු කුසලාන තරගාවලියෙන් පසුව ජාත්‍යන්තර 20යි 20 පිටියට සමු දීමට තීරණය කළ බැවින් මෙම සංචිතයට ඇතුළත්ව නැහැ.

අනමුල් හක්, මොහමඩ් නයීම්, පර්වේස් හොසේන් හා මහෙදි හසාන් ද සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ඔවුන් වෙනුවට සංචිතයට ආදේශ කර ඇත්තේ නස්මුල් හොසේන්, ලිටොන් දාස්, යසීර් අලී, නුරුල් හසාන් හා හසාන් මහ්මුද් යන ක්‍රීඩකයින්.

ශොරිෆුල් ඉස්ලාම්, රිෂාඩ් හොසේන්, මහෙදි හසාන් හා සෞම්‍ය සාකාර් අතිරේක ක්‍රීඩකයින් ලෙස ලෝක කුසලානය සදහා නම් කර තිබෙනවා.

ලෝක කුසලානයට පෙර නවසීලන්තයේ පැවැත්වීමට නියමිත තුන්කොන් 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා ද මෙම සංචිතයම ක්‍රීඩා කිරීමට නියමිතයි.

නවසීලන්තය හා බංග්ලාදේශය හැරුණු විට එම තරගාවලියට ක්‍රීඩා කරන අනෙක් කණ්ඩායම වන්නේ පාකිස්තානයයි.

Squad:

Shakib Al Hasan, Sabbir Rahman, Mehidy Hasan Miraz, Afif Hossain, Mossadek Hossain, Liton Das, Yasir Ali, Nurul Hasan, Mustafizur Rahman, Saifuddin, Taskin Ahmed, Ebadot Hossain, Hasan Mahmud, Najmul Hossain, Nasum Ahmed

Leave a comment