Ultimate magazine theme for WordPress.

වීසා ගැටලුව නිසා 20යි 20 නායකත්වයේ යළි වෙනසක්

ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායකත්වය සම්බන්ධයෙන් මේ වන විට ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ දී ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායම මෙහෙයවීමට නියමිතව සිටි දසුන් ශානක එරටට ළගා වීම තවදුරටත් ප්‍රමාද වීම හේතුවෙන්.

ඇමෙරිකානු වීසා ලබා ගැනීමේ ගැටලුවක් හේතුවෙන් ඔහුට පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායම සමග කොදෙව් සංචාරය සදහා පිටත්ව යාමට හැකි වූයේ නැහැ.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කොදෙව් දේශයට ළගාවී ඇති අතර, ඔවුන් දින 3ක කාලයක් නිරෝධායනයට ද ලක්විය යුතුයි.

වීසා ගැටලුව හේතුවෙන් දසුන් ශානක කොදෙව් දේශය බලා පිටත්ව යාම තවදුරටත් ප්‍රමාද වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඇතැම්විට ඔහුට සමස්ත 20යි 20 තරගාවලියම අහිමි වීමේ අවධානමක් මතුව ඇති බව සදහන්.

ඒ හේතුවෙන් 20යි 20 තරගාවලියේ දී ද කණ්ඩායම මෙහෙයවීමේ වගකීම එක්දින සහ ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට පැවරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය ලබන 3 වනදා ඇන්ටිගුවාහී දී ආරම්භ වීමට නියමිතයි.

Leave a comment