Ultimate magazine theme for WordPress.

විලියම්සන් කැදවමින් නවසීලන්ත ටෙස්ට් සංචිතය නිවේදනය කෙරේ

එළඹෙන එංගලන්ත ටෙස්ට් තරග සංචාරය සඳහා වන නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා.

මෙම සංචිතය සඳහා යළි නිත්‍ය නායක කේන් විලියම්සන් ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

වැලමිටක ආබාධයකින් පසු වීම හේතුවෙන් විලියම්සන් අවසන් වරට ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කර ඇත්තේ පසුගිය නොවැම්බර් මාසයේදීයි.

නවසිලන්ත ටෙස්ට් සංචිතය සඳහා ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත් කර ඇති අතර, තරගාවලිය ආරම්භ වීමට පෙර පැවැත්වෙන සිව්දින පුහුණු තරග දෙකෙන් පසුව මෙම සංචිතය ක්‍රීඩකයින් 15 දෙනෙකු දක්වා අවම කිරීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ඇති.

මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්ව සිටින නවසීලන්ත ක්‍රීඩකයින් 5 දෙනෙකු මෙම ටෙස්ට් සංචිතයට නම් කර තිබෙනවා.

එනම්, නායක කේන් විලියම්සන්, ට්‍රෙන්ට් බෝල්ට්, ටිම් සවුති, ඩෙවෝන් කොන්වේ හා ඩැරල් මිචෙල් යන ක්‍රීඩකයින්.

කෙසේ වෙතත්, එළඹෙන 20 වැනිදා හා 26 වැනිදා ආරම්භ වන සිව්දින පුහුණු තරග සදහා එම ක්‍රීඩකයින් එක් වන්නේ නැහැ.

මෙවර අයි.පී.එල් තරගාවලිය ලබන 29 වැනිදා අවසන් වීමට නියමිතව ඇතත්, මූලික වටයේ තරග අවසන් වන්නේ ලබන 22 වැනිදායි.

නවසීලන්ත සංචිතය සදහා මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති Michael Bracewell, Blair Tickner, Cam Fletcher හා Jacob Duffy ද නම් කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජූනි 2 වැනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

එය බෙන් ස්ටොක්ස් ටෙස්ට් නායකත්වයට පත් වීමෙන් පසුව එංගලන්තය මුහුණ දෙන පළමු ටෙස්ට් තරගාවලිය වීම ද විශේෂත්වයක්.

Squad:

Kane Williamson (c), Tom Blundell (wk), Trent Boult, Michael Bracewell, Devon Conway, Colin de Grandhomme, Jacob Duffy, Cameron Fletcher, Matt Henry, Kyle Jamieson, Tom Latham, Daryl Mitchell, Henry Nicholls, Ajaz Patel, Rachin Ravindra, Hamish Rutherford, Tim Southee, Blair Tickner, Neil Wagner, Will Young.

Leave a comment