Ultimate magazine theme for WordPress.

විනිසුරු තීරණවලට එරෙහිව පළමුව පයින් ගැසූ ශකිබ් දෙවනුව කඩුලු ගලවා පොලොවේ ගසයි

බංග්ලාද්ශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් විනය විරෝධී ලෙස හැසිරුණු පුවතක් ඩකා ප්‍රිමියර් ලීග් 20යි 20 තරගාවලිය අතරතුර දී වාර්තා වනවා.

අදාළ තරගාවලිය යටතේ Mohamedan ක්‍රීඩා සමාජය සහ Abahani Limited කණ්ඩායම අතර ඩකාහි ෂරී බංග්ලා ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ දී යි මෙම විනය විරෝධී හැසිරීම සිදුව ඇත්තේ.

එහිදී Mohamedan ක්‍රීඩා සමාජයේ නායක ශකිබ් අල් හසාන් පන්දු යවමින් සිටින අතරතුර දී ප්‍රතිවාදී කණ්ඩාමේ මුෂ්ෆිකර් රහීම් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමින් දවා ගැනීම සදහා විනිසුරුගෙන් ඉල්ලීමක් සිදු කළා.

කෙසේ වෙතත්, ඔහු නොදැවුණු පිතිකරුවෙකු ලෙස විනිසුරු නම් කිරීමත් සමග දැඩි කෝපයට පත් ශකිබ් අල් හසාන් පන්දු යවන්නාගේ අන්තයේ ඇති කඩුල්ලට දැඩි ආවේගයෙන් පා පහරක් එල්ල කර එය බිද දමනු දක්නට ලැබුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Mohamedan ක්‍රීඩා සමාජය කඩුලු 6ක් දැවී ලකුණු 145ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Abahani Limited කණ්ඩායම පන්දුවාර 5.5ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 31ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

අනතුරුව විනිසුරුවන් විසින් තරගය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කිරීමත් සමග කෝපයට පත් වූ ශකිබ්, කඩුල්ලක ඉනි තුනම ගලවා විසි කළ අතර, අනතුරුව විනිසුරු සමග ද උණුසුම් වචන හුවමාරුවක නිරත වුණා.

මෑතකදී ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් පැනවූ ක්‍රිකට් තහනමකට ද යටත්ව සිටි ශකිබ් අල් හසාන් මෙම තරගයේ Mohamedan ක්‍රීඩා සමාජය වෙනුවෙන් ලකුණු 37ක් රැස් කළා.

Leave a comment