Ultimate magazine theme for WordPress.

විනිසුරු ඔක්සෙන්ෆර්ඩ් ජගත් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගනියි

විනිසුරු බෘෘස් ඔක්සෙන්ෆර්ඩ් (Bruce Oxenford) ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වන 60 හැවිරිදි ඔහු වසර 15ක පමණ කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළා.

බෘෘස් ඔක්සෙන්ෆර්ඩ් 2012 වසරේ සිට අයි.සී.සී ප්‍රධාන විනිසුරුවරුන් ඇතුළත් මණ්ඩලයේ (ICC Elite Panel of Umpires) සාමාජිකයෙකු ලෙස මේ දක්වා අඛණ්ඩව කටයුතු කළා.

ඔහු ටෙස්ට් තරග 62ක දී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

බෘෘස් ඔක්සෙන්ෆර්ඩ් අවසන් වරට පැවැති එක්දින ලෝක කුසලාන තුනේ දී සහ 20යි 20 ලෝක කුසලාන තුනේ දී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළා.

ජාත්‍යන්තර තරගවලින් සමුගත්ත ද, ඔහු තවදුරටත් දේශීය තරගවලදී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරනු ඇති.

Leave a comment