Ultimate magazine theme for WordPress.

විනය නීති සංග්‍රහය කැඩූ අයියර්ට මිලියන තුනක දඩයක්

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායක ෂ්රෙයස් අයියර්ට දඩ පනවා තිබෙනවා.

ඒ, ඊයේ(29) සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමග පැවැති තරගයේ දී දිල්ලි කණ්ඩායම නියමිත කාලයට පන්දුවාර 20 යවා නිම නොකිරීම හේතුවෙන්.

මෙය ඔවුන්ගේ කණ්ඩායම මෙවර තරග වාරයේ දී එම වරද සිදු කළ පළමු අවස්ථාවයි.

ඒ අනුව අයි.පී.එල් විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් කණ්ඩායමේ නායක ෂ්රෙයස් අයියර්ට ඉන්දීය රුපියල් ලක්ෂ 12ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 30ක) දඩ මුදලක් පැනවූ බවයි අයි.පී.එල් තරගාවලි සංවිධායකයින් නිවේදනය කළේ.

Leave a comment