Ultimate magazine theme for WordPress.

වැටුප් කප්පාදුව නිසා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩකයින් අතර මත ගැටුමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් කප්පාදුවක් සිදු කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මේ වන විට ගැටලු සහගත තත්ත්වයක් මතුව තිබෙන බව වාර්තා වනවා.

අයිලන්ඩ් පුවත්පත වාර්තා කර ඇති ආකාරයට පසුගිය කොන්ත්‍රාත් ගිවිසුම යටතේ ඉහළම කාණ්ඩයේ ක්‍රීඩකයෙකු අමෙරිකානු ඩොලර් 130,000 ක මුදලක් උපයා තිබෙනවා.

කෙසේ වෙතත්, නව කොන්ත්‍රාත් ගිවිසුම් යටතේ එම ක්‍රීඩකයින්ට හිමි වීමට නියමිතව ඇත්තේ ඩොලර් 45,000කට අඩු මුදලක් බව සදහන්.

ජ්‍යෙෂ්ඨත්වය මත අමතර ගෙවීම් කරනු ලබන ක්‍රමවේදය ද මේ වන විට අවලංගු කර ඇති බව සදහන්.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නව කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීම ද මෙතෙක් සිදු කර නොමැති අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මාධ්‍ය වෙත සදහන් කළේ බංග්ලාදේශ තරගාවලියෙන් අනතුරුව ඒ පිළිබද ඉදිරි සාකච්ඡා ක්‍රිකට් බළධාරීන් සමග සිදු කරන බවයි.

Leave a comment