Ultimate magazine theme for WordPress.

වසර 8කට පෙර වූ වරදට රොබින්සන් මංගල ටෙස්ට් තරගයේ දී සමාව ගනියි

නවසීලන්තයට එරෙහිව ඊයේ(2) ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් හිමි කර ගත් එංගලන්තයේ ඔලී රොබින්සන් වසර 8කට පෙර ඔහු අතින් සිදු වූ වරදකට සමාව ඉල්ලමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

තරගයේ පළමු දිනය නිමා වීමෙන් සුළු වේලාවකට පසුවයි මෙම නිවේදනය නිකුත් කෙරුණේ.

2012 – 2013 වසරවලදී 18 – 19 හැවිරිදි වියේ පසු වූ ඔලී රොබින්සන් විසින් ජාතිවාදී සහ ලිංගිකවාදී අදහස් ඇතුළත් ට්විටර් පණිවිඩ කිහිපයක් සිය ට්විටර් ගිණුමේ පල කර තිබුණා.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් තමා මේ වන විට කනගාටුවට පත් වන බවයි රොබින්සන් කියා සිටියේ.

“අද ප්‍රසිද්ධ වෙලා තියෙන, මීට වසර අටකට පෙර මා විසින් පල කරන ලද ජාතිවාදී සහ ලිංගිකවාදී ට්විටර් පණිවිඩ ගැන මගේ ක්‍රීඩා දිවියේ වැදගත්ම දිනයේ දී මම ලැජ්ජාවට පත් වෙනවා.” යනුවෙන් ඔහු සදහන් කළා.

“මට කනගාටුයි, මම අද මගේ පාඩම ඉගෙන ගෙන තියෙනවා.”

තරගයේ පළමු දිනයේ දී රොබින්සන් ලකුණු 50කට කඩුලු 2ක් දවා ගනිමින් සිය ටෙස්ට් දිවියට සාර්ථක ආරම්භයක් ලබා ගත්තා.

කෙසේ වෙතත්, ඒ අතරවාරයේ දී අදාළ ට්විටර් පණිවිඩ යළි සමාජ මාධ්‍ය හරහා හුවමාරු වී තිබුණා.

“මම ජාතිවාදියෙකු නොවන බවත්, මම ලිංගිකවාදියෙකු නොවන බවත් මට පැහැදිලි කරන්න අවශ්‍යයි”

“මගේ ක්‍රියාව ගැන මම දැඩි ලෙස කනගාටු වන අතර එවැනි ප්‍රකාශ කිරීම ගැන මම ලැජ්ජා වෙනවා.”

Leave a comment