Ultimate magazine theme for WordPress.

වසර 24කට පසු සිදු වන ඔස්ට්‍රේලියානු පිලේ පාකිස්තාන සංචාරයේ කාලසටහන සංශෝදනය කෙරේ

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ එළඹෙන පාකිස්තාන තරග සංචාරයට අයත් තරග කාලසටහන සංශෝදනය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙලෙස පාකිස්තාන තරග සංචාරයක නිරත වන්නේ වසර 24කට පසුව වීම විශේෂත්වයක්.

මෙම සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග 3ක්, එක්දින තරග 3ක් හා 20යි 20 තරගයක් පැවැත්වීමට නියමිතයි.

නව තරග කාලසටහනට අනුව තරග සංචාරය ආරම්භ වීමත්, අවසන් වීමත් රාවල්පින්ඩිහී දී සිදු වන බවයි පාකිස්තාන හා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන අද(4) නිවේදනය කළේ.

ඒ අනුව පළමු ටෙස්ට් තරගය මාර්තු 4 වැනිදා සිට 8 වැනිදා දක්වාත්, සීමිත පන්දුවාර තරග 4 මාර්තු 29 වනදා සිට අප්‍රේල් 5 වනදා දක්වාත් රාවල්පින්ඩිහී දී පැවැත්වීමට නියමිතයි.

මීට පෙර නිවේදනය කර තිබුණේ පළමු ටෙස්ට් තරගය මාර්තු 3 වැනිදා කරච්චි හී දී ආරම්භ වන බවයි.

පළමු ටෙස්ට් තරගය රාවල්පින්ඩි හී දී පැවැත්වීමට තීරණය කර ඇති බැවින් දෙවැනි ටෙස්ට් තරගය කරච්චි හී දී ද, තෙවැනි ටෙස්ට් තරගය ලාහෝර් හී දී ද පැවැත්වීමට නියමිත බව දෙරටේ ක්‍රිකට් ආයතන සදහන් කළා.

Revised schedule:

4-8 Mar – 1st Test, Rawalpindi

12-16 Mar – 2nd Test, Karachi

21-25 Mar – 3rd Test, Lahore

29 Mar – 1st ODI, Rawalpindi

31 Mar – 2nd ODI, Rawalpindi

2 April – 3rd ODI, Rawalpindi

5 Apr – one-off T20I, Rawalpindi

Leave a comment