Ultimate magazine theme for WordPress.

වසර 18කට පසුව නවසීලන්ත කණ්ඩායම පාකිස්තානයේ සංචාරයක

නවසීලන්ත කණ්ඩායම වසර 18කට පසුව පාකිස්තාන තරග සංචාරයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

සැප්තැම්බර් මාසයේ දී නවසීලන්ත කණ්ඩායම පාකිස්තානයට පැමිණීමට නියමිතව ඇති අතර, එහිදී දෙරට අතර එක්දින තරග 3ක් හා 20යි 20 තරග 5ක් පැවැත්වීමට නියමිතයි.

එක්දින තරගාවලිය සැප්තැම්බර් 17,19 හා 21 යන දිනවලදී රාවල්පින්ඩිහී දී පැවැත්වීමට තීරණය කර ඇති බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ලාහෝර්හී දී 20යි 20 තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 25 වනදා සිටයි.

අදාළ තරගාවලියෙන් පසුව එංගලන්ත කණ්ඩායම ද පාකිස්තාන සංචාරයක නිරත වීමට නියමිතව ඇති අතර, දෙසැම්බර් මාසයේ දී තරග 3 බැගින් යුත් 20යි 20 හා එක්දින තරගාවලි ක්‍රීඩා කිරීම සදහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ද පාකිස්තානයට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඔස්ට්‍රේලියාව ද පෙබරවාරි හා මාර්තු මාසවලදී පාකිස්තාන තරග සංචාරයක නිරත වනු ඇති.

මේ අතර, නවසීලන්ත කණ්ඩායම ඉදිරියේ දී බංග්ලාදේශ තරග සංචාරයක ද නිරත වීමට නියමිතව ඇති අතර, සැප්තැම්බර් පළමු වැනිදා සිට දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.

Leave a comment