Ultimate magazine theme for WordPress.

වර්ෂාව නිසා අවසන් තරගයේ පළමු දිනය අතහැර දැමේ

ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ පළමු දිනය අද(18) වර්ෂාව හේතුවෙන් සම්පූර්ණයෙන් අතහැර දැමීමට සිදු වුණා.

වර්ෂාව හේතුවෙන් තරගයේ කාසියේ වාසිය උරගා බැලීම ද සිදු කිරීමට හැකියාව ලැබුණේ නැහැ.

එංගලන්තයේ සවුත්හැම්ටන්හි රෝස් බෝල් ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් පස්වරු 2.30ට කාසියේ වාසිය උරගා බැලීමට නියමිතව තිබූ අතර, තරගය පස්වරු 3ට ආරම්භ වීමට නියමිතව තිබුණා.

තරගය සදහා අමතර දිනයක් ලෙස ලබන 23 වනදා වෙන් කර ඇති අතර, ඒ අනුව වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දිනය අතහැර දැමීමට කටයුතු කළ බැවින් එම දිනයේ ද තරගය පැවැත්වීමට සිදු වනු ඇති.

Leave a comment