Ultimate magazine theme for WordPress.

වරද පිළිගත් කෝලි ඇතුළු කණ්ඩායමට අයි.සී.සීයෙන් දඩ

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දඩ නියම කර තිබෙනවා.

ඒ, ඔස්ට්‍රේලියාව සමග ඊයේ(27) සිඩ්නිහී දී පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී නියමිත කාලයට පන්දුවාර 50 යවා නිම නොකිරීම හේතුවෙන්.

විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායමට නියමිත කාලය නිමා වන විට එක් පන්දුවාරයක් යවා නිමා කිරීමට හැකියාව ලැබී තිබුණේ නැහැ.

ඒ අනුව සියලු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් පනවා ඇති බව සදහන්.

තරග තීරකවරයා ලෙස කටයුතු කළ ඩේවිඩ් බූන් විසින් මෙම දඩ පැනවීම සිදු කර තිබෙනවා.

නායක විරාට් කෝලි වරද පිළිගනිමින් ලබා දී ඇති දඩුවම පිළිගෙන ඇති බවත්, එබැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු නොවන බවත් ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළා.

Leave a comment