Ultimate magazine theme for WordPress.

වනිඳුව IPL තරගාවලියෙන් ප්‍රතික්ෂේප කිරීම ගැන හිටපු ඉන්දිය ක්‍රීඩකයෙකුගෙන් දොස්මුරයක්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දී කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගැනීම සම්බන්ධයෙන් මේ වන විට බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ක්‍රීඩා නොකරන අතර, එවැනි සිදුවීමක් ඉතිහාසයේ වාර්තා වන්නේ පළමු වරටයි.

මේ සම්බන්ධයෙන් මෙරට පමණක් නොව විදෙස් ක්‍රීඩා විචාරකයින්ගේ ද අවධානය යොමුව ඇති බවක් දක්නට ලැබුණා.

ඒ අතර හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හේමන්ග් බදානි (Hemang Badani) ද වනවා.

විශේෂයෙන් ඔහු ශ්‍රී ලංකා නවක තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගැනීම සම්බන්ධයෙනුයි අදහස් දක්වා ඇත්තේ.

ඒ, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

ක්‍රීඩකයෙකු මිලදී ගැනීම සදහා කණ්ඩායම් හිමිකරුවන් ක්‍රීඩකයෙකුගෙන් බලාපොරොත්තුවන්නේ කුමක් දැයි ගැටලු සහගත බවයි ඔහු එහිදී පෙන්වා දුන්නේ.

වනිදු හසරංග ඉතා දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු බවත්, අවම තරමින් පළාත් කණ්ඩායමක් හෝ නියෝජනය කිරීමට නොහැකි වූ ක්‍රීඩකයින් මිලියන ගණනින් අලෙවි වී ඇති බවත් හේමන්ග් බදානි සිය ට්විටර් පණිවිඩය ඔස්සේ සදහන් කර තිබෙනවා.

Leave a comment