Ultimate magazine theme for WordPress.

වනිදු හසරංග අමෙරිකානු 20යි 20 ලීගයට ; ඇන්ජෙලෝ හා ශෙහාන්ටත් අවස්ථාවක්

අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත Major League Cricket (මේජර් ලීග් ක්‍රිකට්) තරගාවලියේ දී කණ්ඩායමක් විසින් ගිවිසුම්ගත වූ පළමු විදෙස් ක්‍රීඩකයා බවට ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ආරෝන් ෆින්ච් පත්ව තිබෙනවා.

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් නුවර නාසා හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැති දේශීය ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Draft) අවස්ථාවේ දී යි මේ බව අනාවරණය කෙරුණේ.

ඔහු San Francisco Unicorns කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කිරීමට නියමිතයි

මෙම ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී තරගාවලිය සදහා එක්වන තවත් විදෙස් ක්‍රීඩකයින් 5 දෙනෙකු පිළිබද තොරතුරු ද නිවේදනය කෙරුණා.

එම ක්‍රීඩකයින් වන්නේ ඔස්ට්‍රේලියාවේ මර්කස් ස්ටොයිනිස්, මිචෙල් මාෂ්, දකුණු අප්‍රිකාවේ අන්රික් නොකියා, ක්වෙන්ටන් ඩී කොක් හා ශ්‍රී ලංකාවේ වනිදු හසරංගයි.

මාෂ් හා ඩී කොක් ගිවිසුම්ගත වී ඇත්තේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය සහිත Seattle Orcas කණ්ඩායම සමගයි.

ස්ටොයිනිස් San Francisco Unicorns කණ්ඩායම සදහා ද, නොකියා හා හසරංග Washington (DC) Freedom කණ්ඩායම සදහා ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර, ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දී මේ වන විට අමෙරිකාවට සංක්‍රමණය වී සිටින හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන ශෙහාන් ජයසූරිය හා ඇන්ජෙලෝ පෙරේරා Seattle Orcas කණ්ඩායම විසින් සිය සංචිතය සදහා තෝරා ගෙන තිබෙනවා.

හිටපු නවසීලන්ත ක්‍රීඩකයෙකු වන කොරේ ඇන්ඩර්සන් හා හිටපු එංගලන්ත ක්‍රීඩකයෙකු වන ලියම් ප්ලන්කට් සිය සංචිතයට තෝරා ගෙන ඇත්තේ San Francisco Unicorns කණ්ඩායම විසිනුයි. ඔවුන් දෙදෙනාම මේ වන විට අමෙරිකාවේ පදිංචි වී සිටින්නේ අමෙරිකානු කාන්තාවන් දෙදෙනෙකු සමග විවාහ වීම හේතුවෙන්.

ජූලි 13 වැනිදා සිට 30 වැනිදා දක්වා මෙම 20යි 20 ලීග් තරගාවලිය කණ්ඩායම් හයකගේ සහභාගීත්වයෙන් ටෙක්සාස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරී හී දී පැවැත්වීමට නියමිතයි.

කෙටුම්පත් කිරීමේ දී තෝරා ගත් සංචිත –

Seattle Orcas

Harmeet Singh, Shehan Jayasuriya, Shubham Ranjane, Cameron Gannon, Aaron Jones, Nauman Anwar, Phani Simhadri, Angelo Perera, Matthew Tromp (U23).

Washington (D.C.) Freedom

Andries Gous, Mukhtar Ahmed, Obus Pienaar, Saurabh Netravalkar, Saad Ali, Dane Piedt, Sujith Gowda, Justin Dill, Akhilesh Bodugum (U23).

MI New York

Steven Taylor, Hammad Azam, Ehsan Adil, Nosthush Kenjige, Monank Patel, Sarbjeet Ladda, Shayan Jahangir, Kyle Phillip, Saideep Ganesh (U23).

SF Unicorns

Corey Anderson, Liam Plunkett, Tajinder Singh, Chaitanya Bishnoi, Carmi Le Roux, Brody Couch, David White, Smit Patel, Sanjay Krishnamurthi (U23).

LA Knight Riders

Ali Khan, Unmukt Chand, Jaskaran Malhotra, Nitish Kumar, Corne Dry, Ali Sheikh (U23), Saif Badar, Shadley van Schalkwyk, Bhaskar Yadram (U23)

Team Texas

Rusty Theron, Calvin Savage, Lahiru Milantha, Milind Kumar, Sami Aslam, Cameron Stevenson, Cody Chetty, Zia Shahzad, Sai Mukkamalla (U23)

Leave a comment