Ultimate magazine theme for WordPress.

වනිදු ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

කොවිඩ් 19 ආසාදනය වී මෙතෙක් සම්පූර්ණ සුවය නොලැබූ ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග මේ වන විට මෙල්බර්න් නුවර රැදී සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(23) නිවේදනය කළා.

ඔහු මීට පෙර කැන්බරා නුවර රැදී සිටි අතර, PCR පරීක්ෂණයකින් සමත් වන තුරු වනිදු මෙල්බර්න් නුවර හුදෙකලා වී සිටින බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඊයේ(22) සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී ඔහුට තවදුරටත් වෛරසය ශරීරගතව ඇති බවට හදුනා ගෙන තිබූ අතර, පසුව සිදු කළ PCR පරීක්ෂණයකදී ද ඒ බව තහවුරු වී තිබුණා.

ඔහුට පළමු වරට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගෙන තිබුණේ පසුගිය 15 වැනිදායි.

ඒ හේතුවෙන් වනිදු හසරංගට ඔස්ට්‍රේලියාවට එරෙහි 20යි 20 තරගාවලියේ අවසන් තරග 3 ද අහිමි වුණා.

තවමත් ඔහු සම්පූර්ණ සුවය ලබා නොමැති බැවින් හෙට(24) ඉන්දියාවට එරෙහිව ආරම්භ වන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය ද ඔහුට අහිමි වීමේ අවධානමක් මේ වන විට මතුව තිබෙනවා.

Leave a comment