Ultimate magazine theme for WordPress.

වනිදුට කෝටි 4කට අධික වටිනාකමකින් යුත් ගිවිසුමක් අහිමි වෙයි

බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන The Hundred හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සදහා ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඊයේ (3) ආරම්භ වූ මෙම තරගාවලිය සදහා සහභාගී වීමට ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවසර (NOC) ලබා නොදීම හේතුවෙන්.

එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා හා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ඔහුව ශාරීරිකව හා මානසිකව යහපත් මට්ටමක පවත්වා ගැනීමේ අවශ්‍යතාවය මත ක්‍රිකට් ආයතනය එම පියවර ගෙන තිබෙනවා.

මෙවර The Hundred තරගාවලියේ දී වනිදු හසරංග Manchester Originals කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමටයි නියමිතව තිබුණේ.

පවුම් 100,000 ක මුදලක් වැය කරමින් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 438 කට ආසන්න වටිනාකමක්) එම කණ්ඩායම විසින් ඔහුව මිලදී ගෙන තිබුණා.

ඒ අනුව වනිදු හසරංගට පවුම් 100,000 ක වටිනාකමින් යුත් එම ගිවිසුමෙන් ඉවත් වීමට සිදුව ඇති නමුත්, අවශ්‍යනම් Manchester Originals කණ්ඩායමට ලබන වසරේ අදියර සදහා ඔහුව සිය කණ්ඩායමේ රදවා ගැනීමේ හැකියාව ද පවතිනවා.

මීට පෙර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ද මෙම දිනවලදී පැවැත්වීමට නියමිතව තිබූ බැවින්, මෙවර The Hundred තරගාවලිය සදහා වනිදු හසරංගට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බවට පෙර සිටම අපේක්ෂා කෙරුණු නමුත්, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කල් දැමීමට කටයුතු කිරීමත් සමග වනිදුට පන්දු සියයේ තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට යම් අවස්ථාවක් උදා වී තිබුණා.

Leave a comment