Ultimate magazine theme for WordPress.

ලෝක වාර්තාව පිහිටුවීමෙන් පසු හැගීම්බර වූ පාන්ඩ්යා : “මෙය මගේ පියා වෙනුවෙන්”

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කෘනල් පාන්ඩ්යා අද(23) නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

ඒ, එංගලන්තයට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී යි.

මෙම තරගයේ දී එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත් පාන්ඩ්යා සිය පළමු අර්ධ ශතකය ද වාර්තා කිරීමට සමත් වූ අතර, ඔහු පන්දු 31කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 58ක්.

ඊට හයේ පහර 2ක් සහ හතරේ පහර 7ක් ඇතුළත්.

ඔහු සිය අර්ධ ශතකය වාර්තා කිරීම සදහා වැය කළ පන්දු සංඛ්‍යාව 26ක්.

එය මංගල එක්දින තරගයේ දී පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකය ලෙසයි ඉතිහාසයට එක් වුණේ.

මේ අතර, ඉන්දීය ඉනිම අවසන් වීමෙන් පසුව කෘනල් පාන්ඩ්යා හැගීම්බරව අදහස් පල කිරීම මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදුවීමක්.

ඔහු එහිදී කියා සිටියේ “මෙය මගේ පියා වෙනුවෙන්” යනුවෙනි.

Leave a comment