Ultimate magazine theme for WordPress.

ලෝක කුසලාන සුපර් ලීගයේ පළමු තරගාවලියට එංගලන්ත සංචිතය නම් කෙරේ

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතය අද(27) ප්‍රකාශයට පත් කෙරුණා.

ඉයන් මෝර්ගන්ගේ නාකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත්.

ඊට වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඩේවිඩ් විලී නම් කර ඇති බව සදහන්.

ඔහු අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කර ඇත්තේ 2019 වසරේ මැයි මාසයේ දීයි.

එමෙන්ම වමත් වේග පන්දු යවන්නෙකු වන Reece Topley ද සංචිතයට නම් කර තිබෙනවා.

ඔහු 2016 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව මෙතෙක් එංගලන්ත ජාතික කණ්ඩායම නියෝනය කර නැහැ.

දෙරට අතර පළමු එක්දින තරගය එළඹෙන 30 වනදා සවුත්හැම්ටන්හීදී පැවැත්වීමට නියමිතයි.

තෙවැනි හා අවසන් එක්දින තරගය අගෝස්තු 4 වනදා පැවැත්වෙන අතර, අනතුරුව ඊට පසු දින එංගලන්ත – පාකිස්තාන ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.

ඒ හේතුව පදනම් කර ගනිමින් ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මෙම සංචිතයට නම් කර නැහැ.

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් හදුන්වා දුන් අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය ආරම්භ වන්නේ ද මෙම තරගාවලියේ සිටයි.

England squad:

Eoin Morgan (Middlesex) captain, Moeen Ali (Worcestershire), Jonny Bairstow (Yorkshire), Tom Banton (Somerset), Sam Billings (Kent), Tom Curran (Surrey), Liam Dawson (Hampshire), Joe Denly (Kent), Saqib Mahmood (Lancashire), Adil Rashid (Yorkshire), Jason Roy (Surrey), Reece Topley (Surrey), James Vince (Hampshire), David Willey (Yorkshire)

Reserves:

Richard Gleeson (Lancashire), Lewis Gregory (Somerset), Liam Livingstone (Lancashire)

fixtures :

30 July – Ireland vs England (1st ODI)
1 August – Ireland vs England (2nd ODI)
4 August – Ireland vs England (3rd ODI)

Leave a comment