Ultimate magazine theme for WordPress.

දිල්හාර දූෂණ චෝදනා 3කට වරදකරු වෙයි – ICC

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ අයි.සී.සී දූෂන මර්දන පනත යටතේ වන චෝදනා තුනකට වැරැදිකරු බවට සනාථ වී ඇතැයි ජගත් ක්‍රිකට් කවුන්සලය පවසනවා.

ඒ, ස්වාධීන දූෂන විරෝධී විනිශ්චය සභාවක් හමුවේ කළ විභාගයකින් අනතුරුවයි.

2019 වසරේ නොවැම්බර් මාසයේ දී අයි.සී.සී දූෂන මර්දන පනත යටතේ ඔහුට චෝදනා ගොණු කෙරුණා.

දිල්හාර ලොකුහෙට්ටිගේට එරෙහිව පනවා ඇති ක්‍රිකට් තහනම තවදුරටත් වලංගු වන බවත්, ඔහුට එරෙහිව ඉදිරියේ දී දඩුවම් පනවන බවත් ජගත් ක්‍රිකට් කවුන්සලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්.

එල්ල වූ චෝදනා –

Article 2.1.1 – for being party to an agreement or effort to fix or contrive or otherwise influence improperly the result, progress, conduct or other aspect(s) of a match.

Article 2.1.4 – Directly or indirectly soliciting, inducing, enticing, instructing, persuading, encouraging or intentionally facilitating any Participant to breach Code Article 2.1.

Article 2.4.4 – Failing to disclose to the ACU full details of any approaches or invitations received to engage in corrupt conduct under the Code.

මේ අතර, දිල්හාර ලොකුහෙට්ටිගේට එරෙහිව ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් එමිරේට්ස් ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ද චෝදනා ගොණු කර ඇත්තේ එමිරේට්ස් ක්‍රිකට් ආයතන දූණෂ මර්දන පනතෙහි වගන්ති 3ක් උල්ලංඝනය කිරීම හේතුවෙන්.

T 10 ලීග් තරගාවලියට සහභාගී වීමට අදාළව මෙම චෝදනා ගොණු කර ඇති අතර, ඊට සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදු වන බව ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළා.

Leave a comment