ලේතම්ගේ 252 න් පසු බංග්ලාදේශය 126කට දැවී යයි
Day 2 Report
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද(10) නිමා වුණා.
දිනය අවසන් කෙරුණේ බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 126 කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වීමත් සමගයි.
බංග්ලාදේශ ඉනිමේ සිව්වැනි කඩුල්ල ලකුණු 11ක්ව තිබියදී ද, පස් වැනි කඩුල්ල ලකුණු 27ක්ව තිබියදී ද බිද වැටුණා.
අනතුරුව යසීර් අලී හා නුරුල් හසාන් අතර 6 වැනි කඩුල්ල සදහා ලකුණු 60ක සබදතාවයක් ගොඩ නැගුණේ බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 100 සීමාව පසු කර යාම සදහා අවශ්‍ය පදනම සකස් කරමින්.
යසීර් අලී ලකුණු 55ක් හා නුරුල් හසාන් ලකුණු 41ක් ලබා ගත් නමුත්, වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව පසු කර යාමට හැකි වූයේ නැහැ.
පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 5ක් ද, ටිම් සවුති කඩුලු 3ක් ද, ක්යිල් ජමීසන් කඩුලු 2ක් ද දවා ගත්තා.
ක්‍රයිස්චර්ච්හි පැවැත්වෙන තරගය අද දිනයට ආරම්භ කරන විට බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්තය සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 6ක් දැවී ලකුණු 521ක් ලබා සිටියදීයි.
නායක ටොම් ලේතම් ලකුණු 252ක් හා ඩෙවෝන් කොන්වේ ලකුණු 109ක් රැස් කළා. ඔවුන් දෙදෙනා අතර දෙවන කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 215ක්.
ටොම් බ්ලන්ඩල් නොදැවී ලකුණු 57ක් ලබා ගත් අතර, විල් යන්ග් ලකුණු 54කට දැවී ගියා. සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන රෝස් ටේලර් රැස් කළ ලකුණු සංඛ්‍යාව 28ක්.
A great gesture for a great of the game 🙌
Ross Taylor is given a guard of honour as he makes his way out to bat for possibly the final time in Test cricket for New Zealand 🥺#NZvBAN pic.twitter.com/ejJjTo5w4v
— Cricket on BT Sport (@btsportcricket) January 9, 2022
පන්දු යැවීමේ දී ශොරිෆුල් ඉස්ලාම් හා එබඩොට් හුසේන් කඩුලු 2 බැගින් දවා ගත්තා.
බංග්ලාදේශ පළමු ඉනිම අවසන් වන විට ඔවුන් නවසීලන්තයට වඩා පිටුපසින් පසු වන ලකුණු සංඛ්‍යාව 395 ක්.
And that is probably that 😢
Ross Taylor find the fielder and leaves the field as a New Zealand batter for what could be the final time…
A host of the Bangladesh players made sure to run up to him and shake his hand ❤️#NZvBAN pic.twitter.com/58hugZsFOw
— Cricket on BT Sport (@btsportcricket) January 9, 2022