Ultimate magazine theme for WordPress.

ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ කැපිටල්ස් පිලට

ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 7ක් අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ඉන්දියා කැපිටල්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ, ඔවුන් ක්‍රීඩා කළ තරග 4න් තරග 2ක් ජය ගනිමින්. එක් තරගයක් ප්‍රතිපලයකින් තොරව අවසන් වූ බැවින් ඔවුන්ට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 5ක්.

Also Read : නායක ඩිල්ෂාන්ගේ හා මෙන්ඩිස්ගේ සටන අපතේ යයි ; කැපිටල්ස් පිලට කඩුලු 6ක ජයක්

තරග 4කදී තරග 2ක් ජය ගෙන එක් තරගයක් ප්‍රතිපලයකින් තොරව අවසන් වීම හේතුවෙන් ප්‍රසාද ලකුණු 5ක්ම හිමි කර ගෙන සිටින ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායම දෙවැනි ස්ථානයේ පසුවනවා.

භිල්වාර කිංග්ස් කණ්ඩායම තරග තුනකදී ප්‍රසාද ලකුණු 3ක් හිමි කර ගෙන ඇත්තේ එක් ජයග්‍රහනයක් සමගින්. ඔවුන් ක්‍රීඩා කළ එක් තරගයක් ද ප්‍රතිපලයකින් තොරව අවසන් වුණා. ඒ අනුව කිංග්ස් කණ්ඩායමට මේ වන විට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි.

මනිපාල් ටයිගර්ස් කණ්ඩායම තරග තුනකදී එක් ප්‍රසාද ලකුණක් හිමි කර ගනිමින් අවසන් ස්ථානයේ රැදී සිටිනවා.

ඔවුන් මෙතෙක් කිසිදු තරගයක් ජය ගෙන නොමැති අතර, එක් තරගයක් ප්‍රතිපලයකින් තොරව අවසන් වීම හේතුවෙනුයි එක් ප්‍රසාද ලකුණක් හිමිව ඇත්තේ.

Leave a comment