Ultimate magazine theme for WordPress.

ලිස්සා යාම නිසා ෆෝක්ස්ට නවසීලන්ත තරගාවලිය අහිමි වෙයි

එංගලන්ත කඩුලු රකින පිතිකරු බෙන් ෆෝක්ස්ට එළඹෙන නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ වම් පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙන්.

එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ දී සරේ කණ්ඩායම නියෝජනය කරන ඔහු මිඩ්ල්සෙක්ස් කණ්ඩායමට එරෙහි තරගයෙන් අනතුරුව ක්‍රීඩක විවේකාගාරයේ දී ලිස්සා යාම හේතුවෙන් මෙම ආබාධය සිදුව ඇති බව සදහන්.

බෙන් ෆෝක්ස් නවසීලන්තයට එරෙහි තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතයට නම් කර සිටි අතර, එළඹෙන පළමු ටෙස්ට් තරගයේ දී ඔහු සිය රටේ දී ක්‍රීඩා කරන පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන් ද පසු වුණා.

මේ අතර, නවසීලන්තයට එරෙහි එංගලන්ත සංචිතය සදහා හසීබ් හමීඩ් සහ සෑම් බිලින්ග්ස් කැදවීමට ද එංගලන්ත පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පියවර ගෙන තිබෙනවා.

එංගලන්ත – නවසීලන්ත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන දෙවනදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Leave a comment