Ultimate magazine theme for WordPress.

ලිටොන් දාස්ට ආසියානු කුසලානයත් අහිමි වන ලකුණු

බංග්ලාදේශ ආරම්භක පිතිකරු ලිටොන් දාස්ට මාසයකට ආසන්න කාලයක් විවේක ගැනීමට සිදුව ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, සිම්බාබ්වේ කණ්ඩායම සමග සිකුරාදා (5) පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී ඔහු මුහුණ දුන් පාදයක ආබාධය හේතුවෙන්.

ඔහු පිතිකරණයේ නිරත වෙමින් සිටියදී මෙම ආබාධය හේතුවෙන් පිටියෙන් ඉවත් වූ අතර, ඒ වන විට ලිටොන් දාස් ලකුණු 81ක් ලබා සිටියා.

ඔහුව වෛද්‍ය පරීක්ෂණයකට ලක් කෙරුණු බවත්, එහිදී අනාවරණය වූ තොරතුරු අනුව ඔහුගේ ආබාධය සුව වීම සදහා සති 3ත් 4ත් අතර කාලයක් ගත වනු ඇති බවත් එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ඒ අනුව අගෝස්තු මස අග ආරම්භ වන එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලිටොන් දාස්ට අහිමි වනු ඇති.

Leave a comment