Ultimate magazine theme for WordPress.

ලසිත් නිදහස් කරයි ; ටෙස්ට් සංචිතයට ක්‍රීඩකයින් තිදෙනෙකු කැදවයි

ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පළමු ටෙස්ට් තරගයේ දී සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වූ දග පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය සංචිතයෙන් නිදහස් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ටෙස්ට් සංචිතය සදහා ක්‍රීඩකයින් තිදෙනෙකු කැදවීමට ද පියවර ගෙන තිබීම විශේෂත්වයක්.

ඒ අනුව මහීෂ් තීක්ෂණ, ලක්ෂිත මනසිංහ හා දුනිත් වෙල්ලාලගේ යන ක්‍රීඩකයින් සංචිතයට නම් කිරීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ඔවුන් ඊයේ(4) දිනයේ දී සංචිතය සමග එක්ව ඇති බව ද ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

මේ අතර, ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට ද කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ඊයේ හදුනා ගැනුණා.

ඔහු මේ වන විට දින පහක කාලයක් හුදෙකලා කර ඇති බැවින් ඔහුට ද දෙවැනි ටෙස්ට් තරගය අහිමි වනු ඇති.

පළමු ටෙස්ට් තරගය අතරතුර දී මැදපෙල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස්ට ද කොවිඩ් 19 ආසාදනය වුණා.

දෙරට අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගය එළඹෙන 8 වැනිදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි.

Leave a comment