Ultimate magazine theme for WordPress.

ලයන්ස් පිලට එරෙහි ශ්‍රී ලංකා A කණ්ඩායමේ පුහුණුකරුවන් නම් කෙරේ

එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන මහතා පත් කර තිබෙනවා.

කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ තිළිණ කණ්ඩම්බි මහතායි.

පන්දු යැවීමේ පුහුණුකරු ලෙස සජීව වීරකෝන් මහතා ද, පන්දු රැකීමේ පුහුණුකරු ලෙස Anton Roux ද පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ශ්‍රී ලංකා A කණ්ඩායමේ කළමණාකාරු ලෙස විනෝදන් ජෝන් මහතා පත් කර තිබෙනවා.

ලයන්ස් කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පළමු සිව්දින තරගය ජනවාරි 31 වැනිදා ද, දෙවැනි සිව්දින තරගය පෙබරවාරි 7 වැනිදා ද ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

එක්දින තරග 3 පිළිවෙලින් පෙබරවාරි 15, 18 හා 21 යන දිනවලදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා A සංචිතය :

Lasith Croospulle, Nishan Madushka (WK), Lahiru Udara (WK), Nipun Dhananjaya (Captain – 04 Day), Kamindu Mendis (Captain – One Day), Sahan Arachchige, Thanuka Dabare, Shevon Daniel, Oshada Fernando, Nuwanidu Fernando, Janith Liyanage, Amshi de Silva, Milan Rathnayake, Shiran Fernando, Isitha Wijesundara, Chamindu Wijesinghe, Dhananjaya Lakshan, Suminda Lakshan, Praveen Jayawickrama, Lakshitha Manasinghe, Lasith Embuldeniya, Dushan Hemantha

අවශ්‍යතාවය මත යොදා ගන්නා ක්‍රීඩකයින් –

1 Pathum Nissanka
2 Charith Asalanka
3 Chamika Karunaratne
4 Angelo Mathews
5 Dunith Wellalage
6 Sadeera Samarawickrama
7 Lakshan Sandakan
8 Vishwa Fernando
9 Pramod Madushan
10 Nuwan Thushara
11 Kavishka Anjula
12 Avishka Fernando
13 Dushmantha Chameera
14 Kusal Janith Perera

Leave a comment