Ultimate magazine theme for WordPress.

ලබන වසරේ දී IPL තරගාවලියට තවත් කණ්ඩායමක්

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා තවත් කණ්ඩායමක් එක් කිරීම සම්බන්ධයෙන් මේ වන විට ඉන්දීය ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

මේ වන විට තරගාවලිය සදහා කණ්ඩායම් 8ක් එක්වන අතර, ලබන වසරේ දී එය 9ක් දක්වා ඉහළ නැංවීමටයි අවධානය යොමුව ඇත්තේ.

ඒ අනුව ලබන තරග වාරය වෙනුවෙන් පූර්ණ වෙන්දේසියක් 2021 වසර මුලදී පැවැත්වීමට නියමිතයි.

කොරෝනා වංසගතයෙන් පසුව මූල්‍ය සමතුලිතතාවයක් පවත්වා ගැනීමේ අරමුණින් මෙම පියවර ගැනීමට තීරණය කර ඇති බව සදහන්.

ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව ලබන වසරේ තරගාවලිය ඉන්දියාවේ දීම පැවැත්වීම සම්බන්ධයෙන් ද මේ වන විට එරට ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

මීට පෙර 2011 වසරේ පැවැති අයි.පී.එල් තරගාවලිය සදහා කණ්ඩායම් 10ක් එක්වී තිබූ අතර, 2012 සහ 2013 වසරවල පැවැති තරගාවලි සදහා කණ්ඩායම් 9 බැගින් එක්වී තිබුණා.

මෙතෙක් පැවැති සියලු අයි.පී.එල් තරගාවලි සදහා ක්‍රීඩා කර ඇති සමස්ත කණ්ඩායම් සංඛ්‍යාව 13ක්.

Leave a comment