Ultimate magazine theme for WordPress.

ලන්ඩන් ස්පිරිට් නායකත්වය ලෝරන්ස්ට

එංගලන්තයේ පැවැත්වෙන “The Hundred” හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන London Spirit කණ්ඩායමේ නායකයා ලෙස ඩෑන් ලෝරන්ස් පත් කර තිබෙනවා. ඒ, ක්‍රිකට් පිටියෙන් සමු ගත් ඔයින් මෝර්ගන් වෙනුවටයි.

25 හැවිරිදි ලෝරන්ස් වෘත්තීමය 20යි 20 ක්‍රිකට් පිටියේ දී කිසිදු කණ්ඩායමක මෙතෙක් නායකත්වය දරා නොමැති පසුබිමකයි ඔහුව මෙලෙස නායකත්වයට පත් කර ඇත්තේ.

හන්ඩ්‍රඩ් තරගාවලියේ පළමු අදියර දෙකේ දී ඔහු තරග 9කදී ලන්ඩන් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර තිබුණා. එහිදී ලකුණු 135 ක් වාර්තා කළ ලෝරන්ස් බිද හෙලූ කඩුලු ගණන 5 ක්.

ඩෑන් ලෝරන්ස් 2023 තරග වාරය සදහා ලන්ඩන් කණ්ඩායම විසින් සිය සංචිතයේ රදවා ගැනීමට තීරණය කළේ පවුම් 75,000 ක් වටිනා ගිවිසුමක් යටතේයි.

නායකත්වයට පත් වීමත් සමග ඔහුට පවුම් 10,000 ක දීමනාවක් ලැබීමට නියමිතයි.

Leave a comment