Ultimate magazine theme for WordPress.

රෝහිට් ඔස්ට්‍රේලියානු සංචාරයෙන් ඉවතට – ඉන්දීය සංචිත මෙන්න

එළඹෙන ඔස්ට්‍රේලියා තරග සංචාරය සදහා වන ඉන්දීය සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අයි.පී.එල් තරගාවලිය අතරතුර දී පාදයක ආබාධයකට ලක්ව සිටින රෝහිට් ෂර්මා මෙම සංචාරය සදහා කිසිදු සංචිතයකට නම් කර නැහැ.

කේ.එල් රාහුල් සහ කුල්දීප් යාදෙව් යළිත් ටෙස්ට් සංචිතයේ ස්ථානය වෙන් කර ගෙන ඇති අතර, මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති මොහොමඩ් සිරාජ් ද ටෙස්ට් සංචිතයට ඇතුළත්.

අයි.පී.එල් තරගාවලියේ දී ආබාධයකට ගොදුරු වූ ඉෂාන්ට් ෂර්මා ද ටෙස්ට් සංචිතය සදහා නම් කර නැහැ.

රෝහිට් ෂර්මා සහ ඉෂාන්ට් ෂර්මාගේ ආබාධ තත්ත්වයන් සම්බන්ධයෙන් අඛණ්ඩව අවධානයෙන් පසුවන බවයි ඉන්දී්‍ය ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

රෝහිට් සංචිතයට එක් නොකිරීම හේතුවෙන් සීමිත පන්දුවාර සංචිතවල උප නායකත්වය කේ.එල් රාහුල්ට හිමිව ඇති අතර, 20යි 20 සංචිතය සදහා මයාන්ක් ආගාර්වල් ද නම් කර තිබෙනවා.

මේ අතර, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දක්ෂතා දක්වන දග පන්දු යවන ක්‍රීඩක වරුන් චක්‍රවර්තී ඔස්ට්‍රේලියාවට එරෙහි 20යි 20 සංචිතය සදහා පළමු වරට නම් කර තිබෙනවා.

ඉන්දීය කණ්ඩායම් එළඹෙන ඔස්ට්‍රේයානු තරග සංචාරයට 20යි 20 තරග 3ක්, එක්දින තරග 3ක් සහ ටෙස්ට් තරග 4ක් ඇතුළත්.

පළමු එක්දින තරග 2 නොවැම්බර් 27 වනදා සහ 29 වනදා සිඩ්නි හී දී පැවැත්විමට නියමිත අතර, තෙවැනි එක්දින තරගය දෙසැම්බර් පළමු වැනිදා ද පළමු 20යි 20 තරගය දෙසැම්බර් 4 වනදා ද කැන්බරාහී දී පැවැත්වීමට නියමිතයි.

අවසන් 20යි 20 තරග දෙක දෙසැම්බර් 6 සහ 8 වනදා සිඩ්නි ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමෙන් පසුව දෙරට අතර පැවැත්වෙන තරග 4කින් යුත් ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් 17 වනදා ආරම්භ වනු ඇති.

T20I squad:

Virat Kohli (C), Shikhar, Mayank Agarwal, KL Rahul (vc & wk), Shreyas Iyer, Manish, Hardik Pandya, Sanju Samson (wk), Ravindra Jadeja, Washington Sundar, Yuzvendra Chahal, Jasprit Bumrah, Mohd. Shami, Navdeep Saini, Deepak Chahar, Varun Chakravarthy

ODI squad:

Virat Kohli (C), Shikhar Dhawan, Shubman Gill, KL Rahul (vc & wk), Shreyas Iyer, Manish Pandey, Hardik Pandya, Mayank Agarwal, Ravindra Jadeja, Yuzvendra Chahal, Kuldeep Yadav, Jasprit Bumrah, Mohd. Shami, Navdeep Saini, Shardul Thakur

Test squad:

Virat Kohli (C), Mayank Agarwal, Prithvi Shaw, KL Rahul, Cheteshwar, Ajinkya(vc), Hanuma Vihari, Shubman Gill, Saha (wk), Rishabh Pant (wk), Bumrah, Mohd. Shami, Umesh Yadav, Navdeep Saini, Kuldeep Yadav, Ravindra Jadeja, R. Ashwin, Mohd. Siraj

Leave a comment