Ultimate magazine theme for WordPress.

රෝහිට් ෂර්මා කේල් රත්න සම්මානයට නිර්දේශ කෙරේ

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ උප නායක රෝහිට් ෂර්මා ගෞරවනීය රජිව් ගාන්ධී කේල් රත්න සම්මානය සදහා ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් නිර්දේශ කර තිබෙනවා.

එමෙන්ම ඉෂාන්ට් ෂර්මා, ශිකර් දවාන් සහ දීප්ටි ෂර්මා, අර්ජුන සම්මානය සදහා ද නිර්දේශ කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

2016 වසරේ ජනවාරි පළමු වැනිදා සිට 2019 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා වන කාලය තුළ දැක් වූ දක්ෂතා පදනම් කර ගනිමින් එරට ක්‍රීඩා අමාත්‍යංශය විසින් මෙම සම්මාන පිරිනැමීමට නියමිතයි.

කේල් රත්න සම්මානය යනු ඉන්දීය ක්‍රීඩකයෙකුට එරට තුළ පිරිනමන ඉහළම ගෞරවනීය සම්මානයයි.

Leave a comment