Ultimate magazine theme for WordPress.

රෝයි ඔස්ට්‍රේලියාවට එරෙහිව කැදවයි

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.

ඉයන් මෝර්ගන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත්.

ඊට ජේසන් රෝයි ද යළි කැදවා තිබෙනවා.

ඔහුට නිමා වූ 20යි 20 තරගාවලි ද්විත්වයම අහිමි වූයේ ආබාධයකට ගොදුරු වීම හේතුවෙන්.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය එළඹෙන 11 වනදා මැන්චෙස්ටර් හී දී පැවැත්වීමට නියමිතයි.

England ODI Squad:

Eoin Morgan (c), Moeen Ali, Jofra Archer, Jonny Bairstow, Tom Banton, Sam Billings, Jos Buttler, Sam Curran, Tom Curran, Adil Rashid, Joe Root, Jason Roy, Chris Woakes, Mark Wood

Reserves:

Dawid Malan, Phil Salt, Saqib Mahmood

Leave a comment