Ultimate magazine theme for WordPress.

රුබෙල්ට සහ හසාන්ට ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වෙයි

බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක රුබෙල් හුසේන්ට සහ හසාන් මහ්මුද්ට ශ්‍රී ලංකාව සමග ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඒ, ඔවුන් දෙදෙනා ආබාධවලට ගොදුරු වීම හේතුවෙන්. ඔවුන් දෙදෙනාම පිට කොන්දේ ආබාධයන්ට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව රුබෙල් හුසේන්ට සහ හසාන් මහ්මුද්ට යළි ක්‍රිකට් පිටියට පිවිසීමටනම් ඔවුන්ගේ ආබාධ සුව කරගනිමින් පුනරුත්තාපන වැඩපිළිවෙලකට ලක් වීමට සිදු වනු ඇති.

ලබන 23 වනදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලිය සදහා වන මූලික බංග්ලාදේශ සංචිතයක් මේ වන විටත් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඊට ක්‍රීඩකයින් 21 දෙනෙකු ඇතුළත්.

මේ අතර, ආබාධවලට ලක්ව සිටි මොහොමඩ් සෙයිෆුදීන් සහ මොසඩැක් හුසේන් මේ වන විට සුවය ලබා තිබෙනවා. ඒ අනුව අවසන් ක්‍රීඩක සංචිතය සදහා ඔවුන් දෙදෙනා තෝරා ගතහොත් ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව මොහොමඩ් සෙයිෆුදීන්ට සහ මොසඩැක් හුසේන්ට හිමිවනු ඇති.

Leave a comment