Ultimate magazine theme for WordPress.

රුට්ගෙන් ද්විත්ව ශතකයක් – එංගලන්ත පළමු ඉනිම ලකුණු 421

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.(16)

දිනය ආරම්භ කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 320ක් ලබා සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 421ක්.

ඉනිම ශක්තිමත් කළ නායක ජෝ රූට් සිය 4 වැනි ද්විත්ව ශතකය වාර්තා කරමින් ලකුණු 228ක් රැස් කළා.

ඔහුගේ ඉනිමට හතරේ පහර 18ක් සහ හයේ පහරක් ඇතුලත් වූ අතර, එය ජෝ රූට් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කළ දෙවැනි ද්විත්ව ශතකය වීම ද විශේෂත්වයක්.

එමෙන්ම එංගලන්ත පිතිකරුවෙකු මෙරට දී වාර්තා කළ පළමු ද්විත්ව ශතකය ද එයයි.

මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඩෑන් ලෝරන්ස් (Dan Lawrence) ලකුණු 73ක්, ජොනී බෙයාර්ස්ටොව් ලකුණු 47ක් සහ ජොස් බට්ලර් ලකුණු 30 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී දිල්රුවන් පෙරේරා කඩුලු 4ක් සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 3ක් බිද හෙලුවා.

අසිත ප්‍රනාන්දු පිට පිට පන්දු දෙකකින් ජොස් බට්ලර් සහ සෑම් කරන් දවා ගැනීමට සමත් වුණා.(දර්ශන පහතින්)

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 135ක්.

ඒ අනුව එංගලන්තය මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 286ක්.

Leave a comment