Ultimate magazine theme for WordPress.

රිෂාබ් පාන්ට් හා බුම්රා වෙනුවට ආදේශක ක්‍රීඩකයින් නම් කෙරේ

අදින් (31) ඇරඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් අභිෂේක් පොරෙල් සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

ඒ, රිය අනතුරකට මුහුණ දීම හේතුවෙන් මෙවර අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී සිටින නායක රිෂාබ් පාන්ට් වෙනුවටයි.

පොරෙල් පළමු පෙල තරග 16 ක් ක්‍රීඩා කර ඇති අතර, List A එක්දින තරග හා 20යි 20 තරග 3 බැගින් ක්‍රීඩා කර තිබෙනවා.

ඔහු දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග එක් වී ඇත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 20 ක මුදලකටයි.

මේ අතර, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් සංදීප් වොරියර් සමග ගිවිසුම් ගත වී ඇත්තේ ආබාධයකට ලක්ව සිටින ජස්ප්‍රිට් බුම්රා වෙනුවටයි.

එක් 20යි 20 ජාත්‍යන්තර තරගයක් ද ක්‍රීඩා කර ඇති ඔහු සමස්ත 20යි 20 තරග 68 ක දී බිද හෙලා ඇති කඩුලු ගණන 62 ක්.

ඔහු මීට පෙර කොල්කටා නයිට් රයිඩර්ස් හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සංචිත නියෝජනය කළ අතර, මේ දක්වා ක්‍රීඩා කර ඇති අයි.පී.එල් තරග සංඛ්‍යාව 5 ක්.

ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග එක් වී ඇත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලකටයි.

Leave a comment