Ultimate magazine theme for WordPress.

රාහුල් වරද පිළිගනියි ; 40% ක දඩයක් ඉන්දියාවට පනවයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් දඩ නියම කර තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකාව සමග ඊයේ(23) කේප් ටවුන්හි පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී පන්දුවාර යැවීමේ වේගය අවම මට්ටමක පවත්වා ගැනීම හේතුවෙන්.

නියමිත කාලය අවසන් වන විට ඔවුන්ට පන්දුවාර දෙකක් යැවීමට නොහැකි වී ඇති අතර, ඒ අනුව ඉන්දියාවට තරග ගාස්තුවෙන් 40%ක දඩ මුදලක් නියම කිරීමටයි තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් පියවර ගෙන ඇත්තේ.

ඉන්දීය නායක කේ.එල් රාහුල් වරද හා ලබා දුන් දඩුවම ද පිළිගෙන ඇති බව අයි.සී.සී ය නිවේදනය කළා.

Leave a comment