Ultimate magazine theme for WordPress.

රාහුල් පංජාබයට සමු දෙන ලකුණු

පංජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක කේ.එල් රාහුල් ලබන වසරේ දී එම කණ්ඩායම සදහා ක්‍රීඩා නොකරනු ඇති බව ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කරනවා.

ඒ අනුව ඔහු ඉදිරියේ දී පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය සදහා ඉදිරිපත් වනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විටත් කණ්ඩායම් කිහිපයක්ම ඔහුව මිලදී ගැනීම සදහා කැමැත්තෙන් පසුවන බව ද සදහන්.

2018 වසරේ දී කේ.එල් රාහුල් එම කණ්ඩායම සමග එක් වුණේ ඉන්දීය රුපියල් කෝටි 11ක මුදලකටයි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණුලාභියා වන්නේ ද කේ.එල් රාහුල්.

ලබන වසරේ සිට නව කණ්ඩායම් දෙකක් ද අයි.පී.එල් තරගාවලියට එක්වීමට නියමිතයි.

ඒ හේතුවෙන් එක් කණ්ඩායමකට ක්‍රීඩක වෙන්දේසියට පෙර සිය කණ්ඩායමේ රදවා ගත හැකි ක්‍රීඩකයින් ප්‍රමාණය ද මෙතෙක් නිවේදනය කර නැහැ.

Leave a comment