Ultimate magazine theme for WordPress.

රහීම් 20යි 20න් විවේක ගන්වයි; වෙනස්කම් 6ක් සමග බංග්ලාදේශ සංචිතය නම් කෙරේ

පාකිස්තානය සමග ලබන 19 වැනිදා ආරම්භ වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියෙන් අත්දැකීම් බහුල මැදපෙල පිතිකරුවෙකු වන මුෂ්ෆිකර් රහීම් විවේක ගැන්වීමට බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

මහ්මුදුල්ලාහ්ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයෙන් ලිටොන් දාස්, සෞම්‍ය සාකාර් හා රුබෙල් හුසේන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ආබාධ හේතුවෙන් ශකිබ් අල් හසාන්ට හා මොහොමඩ් සයිෆුදීන්ට 20යි 20 තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

නජ්මුල් හුසේන් හා අමිනුල් ඉස්ලාම් සංචිතයට යළි කැදවා ඇති අතර, නවක ක්‍රීඩකයින් වන සයිෆ් හසාන්, යසිර් අලී, ශොහිදුල් ඉස්ලාම් හා අක්බර් අලී ද සංචිතයට නම් කර ඇති බව එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය ලබන 19 වැනිදා ඩකා හී ආරම්භ වීමට නියමිතයි.

SQUAD:

Mahmudullah (captain), Naim Sheikh, Najmul Hossain Shanto, Afif Hossain, Nurul Hasan Sohan, Shak Mahedi Hasan, Aminul Islam Biplob, Mustafizur Rahman, Shoriful Islam, Taskin Ahmed, Shamim Hossain, Nasum Ahmed, Saif Hassan, Yasir Ali Chowdhury, Shohidul Islam, Akbar Ali

Leave a comment