Ultimate magazine theme for WordPress.

රවීන්ද්‍ර ඉන්දියාව දුකට පත් කරයි ; පළමු තරගයෙන් නවසීලන්තයට සුපිරි ප්‍රතිපලයක්

Match Report

ඉන්දියාව සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම අද (29) සමත් වුණා.

කන්පූර්හි පැවැති තරගය ජය ගැනීම සදහා දෙවැනි ඉනිමේ දී ලකුණු 284ක ඉලක්කයක් නවසීලන්තයට හිමි වූ අතර, තරගයේ අවසන් දිනය වූ අද දිනය නිමා වන විට ඔවුන් කඩුලු 9ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 165ක්.

දිනය ආරම්භ කරන විට නවසීලන්තය එක් කඩුල්ලක් දැවී ලකුණු 4ක් ලබා සිටියා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ටොම් ලේතම් ලකුණු 51යි.

රාත්‍රී රැකවලා ලෙස සිව්වන දිනයේ දී පිටියට පිවිසි විලියම් සමර්විල් ලකුණු 36කට දැවී ගිය අතර, කේන් විලියම්සන් ලකුණු 24ක් රැස් කළා.

නවසීලන්ත ඉනිමේ 9 වැනි කඩුල්ල දැවී යාමෙන් පසු තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීම සදහා රචින් රවීන්ද්‍ර හා අජාස් පටෙල් පන්දු 52කින් නොබිදුණු ලකුණු 10ක සබදතාවයක් ගොඩ නැගීමට සමත් වුණා.

රචින් රවීන්ද්‍ර පන්දු 91කට මුහුණ දී නොදැවී ලකුණු 18ක් ලබා ගත් අතර, අජාස් පටෙල් පන්දු 23කින් ලකුණු 2ක් රැස් කළා.

පන්දු යැවීමේ දී රවීන්ද්‍ර ජඩේජා කඩුලු 4ක් හා රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 3ක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 345ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස නවසීලන්තය ලකුණු 296ක් ලබා ගත්තා.

අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 7ක් දැවී ලකුණු 234ක් ලබා සිටියදීයි.

Leave a comment