Ultimate magazine theme for WordPress.

රයිනාගේ මාමා ඝාතනය කෙරේ

ඉන්දීය කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ මුල් පෙල පිතිකරුවෙකු වන සුරේෂ් රයිනා මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කළ බව අප ඊයේ(29) තොරතුරු වාර්තා කළා.

පෞද්ගලික හේතුවක් මත ඔහු මෙවර තරගාවලියෙන් ඉවත් වන බවටයි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සදහන් කර තිබුණේ.

කෙසේ වෙතත්, ඊට බලපෑ හේතුව කුමක් ද යන්න අණාවරනය කර තිබුණේ නැහැ.

නමුත් මේ වන විට ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ සුරේෂ් රයිනාගේ සමීපතම ඥාතියෙකුගේ(මාමා) ඝාතනය මෙම තීරණයට හේතු වී ඇති බවයි.

මංකොල්ලකරුවන් පිරිසක් විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවත්, එහිදී එම පවුලේ තවත් සාමාජිකයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවත් සදහන්.

පන්ජාබ් ප්‍රදේශයේ දී මෙම ඝාතනය සිදුව තිබෙනවා.

මිය ගිය පුද්ගලයා 58 හැවිරිදි අශෝක් කුමාර් නම් අයෙක්.

Leave a comment