Ultimate magazine theme for WordPress.

රදවාගත් සහ නිදහස් කළ ක්‍රීඩක ලැයිස්තුව බැංගලෝරය නිවේදනය කරයි

එළඹෙන අයි.පී.එල් තරගාවලිය සදහා සංචිතයේ රදවා ගන්නා සහ නිදහස් කරන ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් අද(20) නිවේනය කළා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ඉසුරු උදාන ද සංචිතයෙන් නිදහස් කිරීමටයි කණ්ඩායම් කළමණාකාරීත්වය පියවර ගෙන ඇත්තේ.

නායක විරාට් කෝලි, ඒ.බී.ඩි විලියස්, යුස්වේන්ද්‍ර චහෙල් ඇතුළු ක්‍රීඩකයින් 12 දෙනෙකු සංචිතයේ රදවා ගෙන ඇති අතර, නිදහස් කර ඇති ක්‍රීඩකයින් සංඛ්‍යාව 8ක්.

බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළ ඩේල් ස්ටේන් මෙවර තරගාවලියට ක්‍රීඩා නොකිරීමට පසුගියදා තීරණය කළ අතර, පාර්තිව් පටෙල් මේ වන විට ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන සිටිනවා.

රදවා ගත් ක්‍රීඩකයින් :

Virat Kohli, AB de Villiers, Yuzvendra Chahal, Devdutt Padikkal, W. Sundar, Md. Siraj, Saini, Adam Zampa, Shahbaz Ahmed, Josh Philippe, Kane Richardson, Pawan Deshpande #RCB #IPL2021

නිදහස් කළ ක්‍රීඩකයින් :

Chris Morris, Aaron Finch, Moeen Ali, Isuru Udana, Shivam Dube, Umesh Yadav, Pawan Negi, Gurkeerat Mann, Parthiv Patel, Dale Steyn

Leave a comment