Ultimate magazine theme for WordPress.

යොවුන් ලෝක කුසලානය සදහා ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කෙරේ

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා යොවුන් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(2) නිවේදනය කළා.

දුනිත් වෙල්ලාලගේ නායකත්වය දරන සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.

නිමා වූ යොවුන් ආසියානු කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සංචිතයම 2022 යොවුන් ලෝක කුසලාන තරගාවලිය සදහා ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ආසියානු තරගාවලියට එක් වූ එම ක්‍රීඩකයින් අද ඩුබායි සිට බටහිර ඉන්දීය කොදෙව් දූපත් කරා පිටත්ව යාමට නියමිතයි.

මෙවර යොවුන් ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව D කාණ්ඩයෙන් තරග වදින අතර, මූලික වටයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ ඔස්ට්‍රේලියාව, සත්කාරක කොදෙව්වන් හා ස්කොට්ලන්තයයි.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය ලබන 14 වැනිදා ස්කොට්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

  • The Squad :
    Dunith Wellalage (C), Shevon Daniel, Anjala Bandara, Pawan Pathiraja, Sadisha Rajapaksa, Wanuja Sahan Kumara, Raveen De Silva (VC), Ranuda Somarathne, Malsha Tharupathi, Traveen Mathew, Yasiru Rodrigo, Matheesha Pathirana, Chamidu Wickramasinghe, Vinuja Ranpul, Sakuna Liyanage, Abhisheak Liyanaarachchi, Sadeesh Jayawardena

 

Leave a comment