Ultimate magazine theme for WordPress.

“යථා කාලයේ දී හැමෝම ඇත්ත නැත්ත දැන ගනියි” – සංගා

තරග පාවාදුන් බවට එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් ඇත්ත නැත්ත ඉදිරියේ දී සියලු දෙනාට දැන ගැනීමට හැකි වනු ඇති බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා පවසනවා.

ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය හමුවේ පැය 10කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම ඒ බව සදහන් කළා.

අයි.සී.සී සභාපතිධූරය මෙම අවස්ථාවේ භාර ගැනීමට තමන් සූදානම් නොමැති බව සංගක්කාර මෙම අවස්ථාවේ දී ද යළිත් වරක් තහවුරු කර සිටියා.

Leave a comment