Ultimate magazine theme for WordPress.

මෝසම නිසා IPL ඉතිරි තරග එක්සත් අරාබියේ දී පැවැත්වීමට තීරණය කෙරේ

කොරෝනා වසංගතය හේතුවෙන් අතරමගදී අත්හිටුවීමට සිදු වූ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ලබන සැප්තැම්බර් – ඔක්තෝබර් මාසවලදී පැවැත්වීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

අද(29) පැවැති විශේෂ මහා සභා රැස්වීමකදී (අතථ්‍ය) තීරණය කර ඇත්තේ තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමටයි.

ඉන්දීය ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් දැක් වුණේ අදාළ කාලයේ දී ඉන්දියාවට බලපානු ලබන මෝසම් වැසි හේතුවෙන් තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට තීරණය කළ බවයි.

අද පැවැති අතථ්‍ය විශේෂ මහා සභා රැස්වීමේ දී සියලු සාමාජික පාර්ශව අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග යළි පැවැත්වීම සදහා ඒකමතිකව එකග වූ බව ද ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් කළා.

කණ්ඩායම් 4ක පමණ සාමාජිකයින්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අණාවරණය වීමත් සමගයි අයි.පී.එල් තරගාවලිය පසුගිය 4 වැනිදා අත්හිටුවීමට බළධාරීන් පියවර ගත්තේ.

අත්හිටුවන අවස්ථාව වන විට මෙවර තරග වාරය යටතේ පවත්වා තිබුණේ තරග 29ක් පමණක් වන අතර, තවත් තරග 31ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Leave a comment